Home/Songs/ඈත දිනයකදී ගීත සාදෙකදී

ඈත දිනයකදී ගීත සාදෙකදී

Atha Dinayakadi

Font size:
ඈත දිනයකදී ගීත සාදෙකදී
නෙතග නෙතග එකට ගැටී දොඩමළු වූවා
එදයි රේනුකාගේ මතක ලොවේ මා තනි වූයේ..
එදයි රේනුකාගේ මතක ලොවේ මා තනි වූයේ..

දනිමි මමත් සබද ඔබත් ඇයට ඇති සෙනේ
නමුදු ඇගෙන් මිදෙන සිතක් 
ඔබට ඇති නොවේ//
කිමද රේනුකාගේ මතක ලොවේ මා පැටලෙන්නේ
කිමද රේනුකාගේ මතක ලොවේ මා පැටලෙන්නේ

නොගනු මැනවි තවත් ඉතිං සිතට වේදනා
යොවුන් ලොවට ඇයගේ සුරත් පියුම වාසනා//
ඉතින් රේනුකාගේ මතක ලොවේ මා තනිවෙනවා
ඉතින් රේනුකාගේ මතක ලොවේ මා තනිවෙනවා

ඈත දිනයකදී..,,

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.