Font size:
පතර බලැති සිරි කුන්ද විදාරණ විතර බැලැති සිරිධර පංච පාලන බාලොලි ලොලි ලොලි ලොල්ල බිළින්දේ නාඩනු දැන් එනු බෑ වන්දෝ මා බිළිදේ නුඹ නාඩන් බැන්දෝ කොමලත නිරිඳුට දාවුන් දැන් ගොවිඳුන් මට දුන් ගරු රූපා චන්දන කුංකුමයෙන් බැඳි රූපා රන් ගිරගින් පායයි මුළු දීපා මන්මද බැන්දලු සුන්දර රූපා තැන තැන අතු දිග සොඳ දළු කන්නා ඉඟි ඉඟි කරමින් බැම නටවන්නා වට සිටි පැටවුන් ළඟ කැදවන්නා ඔන්න බිළිදු රිළවුන් පැන යන්නා අවර වෙන්න පෙර ගසට නගින්නා උදා වෙන්න පළමුව හඬලන්නා සදා පැටව් වට සාරා කන්නා ඔන්න බිළිදු සැවළිඳු හඩලන්නා
Singers
Data
Last updated May 2026