Font size:
ජීවිතයම මහ පාළු ගෙයක් කවුදෝ ඇවිදින් කතා කරනවා දොරගුළු ඇරලා එබී බැලුවෙමි රෝද මලක් මිදුලේ පිපිලා // ජීවිතයම මහ පාළු ගෙයක් කවුදෝ ඇවිදින් කතා කරනවා කවුළු පියන් හැර එබී බැලුවෙමි රෝස මලේ බඹරෙක් වහලා ජීවිතයම මහ පාළු ගෙයක් කවුදෝ ඇවිදින් කතා කරනවා දොරගුළු ඇරලා එබී බැලුවෙමි රෝස මලේ පෙති බිම හැලිලා // ජීවිතයම මහ පාළු ගෙයක් කවුදෝ ඇවිදින් කතා කරනවා කුමක් බලන්නද වෙන මල් ඉත්තක රෝස මලක් තව ඇති පිපිලා //
Singers
Data
Last updated May 2026