Home/Songs/මගෙ ආදරේ මදිවුණාද

මගෙ ආදරේ මදිවුණාද

Mage Adare Madi Unada

Font size:
රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගෙ ආදරේ මදිවුණාද

ඉග නෙරියේ රැලි හදාපු
සවන්පතට තෝඩුදාපු
ඔබ දොතොලට හාදු දීපු
මගෙ ආදරේ මදිවුණාද

නුඹෙ උකුළේ හිස තියාන 
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදිවුණාද //

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැති වුණාම
මං ජීවත්වී හිඳියිද //

නුඹෙ උකුළේ ....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.