Home/Songs/හඳ මාමා උඩින් යතේ

හඳ මාමා උඩින් යතේ

Handa Mama Udin Yathe

Font size:
හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ
හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ
හඳ මාමා             උඩින් යතේ 
අපෙ මාමා             බිමින් යතේ

හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
කන්තෝරුවෙ නිල තල දැරුවේ
හඳ මාමා හැම මොහොතෙම ඉදිරි
අනාගතය ගැනමයි බැලුවේ
අපෙ මාමා ඔහෙ කකුල් වන වනා
එදා දවස ගැනමයි බැලුවේ

හඳ මාමා ....

දියුණු වෙන්න වෙලාවක් නැති වී
අපෙ මාමා තව පහළ ගියා
රාජකාරි හරි අකුරට ඉටු කළ
හඳ මාමා තව ඉහළ ගියා
නිතරම තමන්ගේ අනාගතය ගැන
 සිතීම වරදක් නොවේ කියා
ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
ඇත හඳ මාමා දෙනෙත අයා

හඳ මාමා ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.