වින්දේ නුඹයි ආදරේ
Vinde Nubai Adare
Music: චන්දන වල්පොල Lyrics: රේරූ
Font size:
වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම් මා නුඹට දුන් ආදරේ තරම් මට වැරදුණේ ඒකමයි මේ තරම් ඒකයි මේ තරම් (බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවෙයි ඈ නුඹේ ජීවිතේ හින්දා......//) පිස දමන්නට ඕනේ නෑ වේලෙනා කඳුළු සිඳි නොයාවී වේදනා මේ හිතේ පිරුණු රිදි රිදි විඳවපු වේදනා නිම නෑ ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවෙයි ඈ නුඹේ ජීවිතේ හින්දා...... දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරු කාත් කව්රුවත් අද ළඟ නෑ මිසක නෙතේ කඳුළු රිදි රිදි විඳවපු වේදනා නිම නෑ ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ...... වින්දේ නුඹයි......