ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගෙ
Iren Eliya Aran Hadunu
Font size:
ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගෙ අම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේ දෙවියන්ටත් දෙවියන් වු අපෙ අම්මා වාගෙ කවුරුත් නෑ ආදරයක් දුන්නෙ මට ලෝකේ ජීවිතයට වඩා වටිනවා අම්මා මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා..// ජීවිතේ මට වගෙ වෙන කාටවත්ම නොකෙරු ආදරේ අම්මගෙ වරමක්ද මටම ලැබුණු ලේ ටික කිරි වුනාම ආදරේ වැඩි වුනාම දෙතනින් පිටාරය ගලයි ඒ ණය මට ගෙවන්න බෑ මේ ආත්මයට හැමදාමත් මං ණයයි අම්මට තාමත් ණයයි මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා..// මං නිසා ඔය නෙතින් කඳුලක් වැටෙන්න ඇතිනෙ මං නිසා කරදරෙන් හිත රිදවාගන්න ඇතිනෙ අම්මේ සමාවෙන්න නොසිතා දුන්නු දුකට මට පව් සිද්ද වෙන්නෙපා ලබනා අත්මෙකදි දෙව් ලොව සම්පත් පිරි තැනකම යලි ඉපදේවා..// ඉරෙන් එළිය..//
Singers
Data
Last updated May 2026