Home/Songs/ඔබ මුලින් දුටුව දින මා (ආදරේ)

ඔබ මුලින් දුටුව දින මා (ආදරේ)

Oba Mulinma Dutuwa Dina Ma (Adare)

Font size:
ඔබ මුලින් දුටුව දින මා
මුළු හදවතින්ම බැඳුණා
මතකයි එදිනේ රහසේ බැඳුණා ආදරේ
හිත ඔබ ළඟින්ම රැඳුණා
මට කියාදෙන්න සිතුණා
තාමත් පවසා ගනු බෑ මහදේ ආදරේ

ආදරේ ආදරේ ආදරේ ආදරේ...//

ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනේ ආදරේ...//

කිසිවෙකුත් නොමැත අසලා
කාටවත් නොමැත කියලා
මාගෙන් කිසිදා නොඇසූ නොකියූ ආදරේ
සුරඟනක් ලෙසින් දකිනා
සුබ දසුනකි මන බඳිනා
ඔබගෙන් තව නෑ ලැබුණේ පතනා ආදරේ

ආදරේ ආදරේ ආදරේ ආදරේ...//

ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනේ ආදරේ...//

සිහිනෙනුත් ඔබව දුටුවා
සැබවිනුත් ඔබව දුටුවා
දෙනෙතින් ඔබගේ දුටුවේ ළඳුනේ ආදරේ
තනිකමෙන් පාළුවෙන් මා
අද ගෙවන දිවිය සැමදා
ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ ආදරේ

ආදරේ ආදරේ ආදරේ ආදරේ...//

ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑනේ ආදරේ...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.