ඔබට මා ආදරය කල බව
Obata Ma Adaraya Kala Bawa
Music: H M ජයවර්ධන Lyrics: සුනිල් ආරියරත්න
Font size:
ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්......// වලාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළගේ..... ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්.... ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ..... ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්.......//