Font size:
සිංදු කියලා අපි හොයාගත්තු සල්ලී අද කුඩු වෙනවා මල්ලී පං මල්ලට දාගත් පොඩි බඩු කෑලී ඇයි මිල වැඩි මුදලාලී අපි කන හැටි ලිප වත් දන්නෑ නංගී හිටියට අපි HIT ව සංගීතෙන් අපි හොඳටම නසරානී මේ කලාවේ හැටී ආර්ථිකේ හරි දරුනුයි අපෙ අතමිට දැන්නම් ෆුල් සුද්දයි බඩු මිල් උස්සයි අපේ ගෙදර ගෑනි මට පුප්පයි පොලියට ගෙන විශුවල් කෙරුවයි sponsor ව කපලා ටීවී එකේ යයි කම්පැනියෙන් ගේමක් ඇද්දයි අපි එයින් බේරුනේ වැඳ වැටිලයි DNA track එක කෙරුවයි ඒකට ගෙව්වෙත් ඔප්පුව තියලයි FM වල rush එක බෝමයි එකෙන්නම් දිගටම ප්ලේ වෙයි කපන මන්ඩලෙන් සිංදු කැපිලා යයි අන්තිමේදී ඒ ෆේස්බුක් විතරයි සිංදු කියලා අපි..... මැටිත් නෙවේ සිටිත් නෙවේ මේක අපේ හැටී විසිල් පාටි ඉතුරු අපිට කරපිංචා නැටී ෆන්කි ලයිෆ් ඒත් ගමන් කරන්නේ වැටි වැටී අපි වේලෙයි එක වේලයි සම්බෝලයි රොටී රෑ උනාම සාද පුංචි පුංචි පුතා බෝල නෑනේ බොරු ආගම් බේද එන්න පුල්ලේ කිනම් පාද සුකුරුත්තං මාල වලලු තෝඩු හවඩි අත කනකර කරකුට්ටං රෑට වැනිලා එද්දි මල්ලි ගෝරි නිතර කුඩුපට්ටං ලෑලි ගෙදර නෑ බොල මට බොන්න වතුර සංගීතෙන් ඉතුරු කරේ තුට්ටු දෙකයි කන්ඩ නැතුව කෝම කලත් මේ කලාව අත් අරින්න බෑ අතේ සතේ නෙවේ හිතේ සතුට කියලා වැඩක් නෑ...... සිංදු කියලා අපි...... දැම්මත් අපි ලොකු සද්දේ අපේ ගෙවල් වලින් යම යුද්දේ අපේ රිද්මෙට කෙල්ලන් පැද්දේ ඒ අය නෑ මේ මට පෙම් බැන්දේ ප්රාඩෝ පැජරෝ නම් නෑනේ අපි පාරේ ටැක්සි වල යන්නේ මෙහෙමයි කොන්සට් වල වෙන්නේ but organizer පොලු තිබ්බේ අපි කාටද මේක කියන්නේ දෙයියෝ ඇයිද අපිව නොබලන්නේ අපි හිතේ දුකට සෙට් වෙන්නේ රෑ වැනි වැනි ගෙදරට එන්නේ ලංකාවේ මියුසික් පල් පට්ටයි මට නම් මේ හැම දැන් තිත්තයි බලදාරියනම් කියවයි අන්තිමේ නැති වෙන්නේ සංගීතෙයි වෙනින් කලාවක් හොයා ගනිල්ලා දියුණු වෙන්න ඕනෑ නම් වෙනින් කලාවක් හොයා ගනිල්ලා දියුණු වෙන්න ඕනෑ නම් (සිංදු නම් එපා...//) සිංදු නම් එපා කෝම කෝම හරි කරපල්ලා බං බිස්නස්