කඳුළු හොල්ලලා
Kandulu Hollala
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: ඩිලාන් ගමගේ
Font size:
කඳුළු හොල්ලලා මගේ සිනහ වෙනු එපා හීන සමතලා කරලා දුරින් ඉනු එපා නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන්න එපා ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා කහටක් නොවේ හදවතේ කිසිදිනේ ගිය තැන ඉතින් ඔබ තුටින් ඉනු මැනේ යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වීද මා දුන්නු සෙනෙහේ... මහමෙර වගේ සෙනෙහස දරා නොදැනීම දුරක් පැමිණිය නිසා ඔබ කිවූ සැණින් වෙන්වෙමු කියා මට බැරි වුණා හිත දර දඬු වුණා... කවුරුත්ම නෑ මා තරම් ආදරේ වැටහෙන දිනක් එන්නෙපා මගේ සෙනේ ඔබ හරි තුටින් ඉනුමැනේ හැමදිනේ තනිකම හොඳයි මට ඉතින් මේ භවේ යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වීද මා දුන්නු සෙනෙහේ... මතකය පවා අමිහිරි වෙලා ආයෙත් පෙමක් නොපතමි සදා ඔබ නේන බැව් දැන දැනම මා තාමත් අනේ මග බලනවා... කවුරුත්ම නෑ මා තරම්.... යන්නට ගියේ හිතක් නෑ වගේමදි වීද මා දුන්නු සෙනෙහේ...