Font size:
කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ අද සතුටු ගගේ හිනැහෙනවා දාලා කරාබූ ආයි දාලා කරාබූ කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ අද සතුටු ගගේ කිමිදෙනවා දාලා කරාබූ ආයි දාලා කරාබූ (පුංචි ටිකිරි පාද තියා කණ්ණාඩිය වෙතට ගියා)...// දුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ අද සතුටු ගගේ කිමිදෙනවා දාලා කරාබූ ආයි දාලා කරාබූ (තරු තුනකට එකම හඳයි හඳ නිලඹර එළිය කරයි)...// තරුයි හඳයි බැබළේවා නිතර දෙවේලේ මගෙ රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ මුළු රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ අද සතුටු ගගේ හිනැහෙනවා දාලා කරාබූ ආයි දාලා කරාබූ කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ අද සතුටු ගගේ කිමිදෙනවා දාලා කරාබූ ආයි දාලා කරාබූ (මගෙ පුංචි කුමාරී සුදු දෝණි තුෂාරී)...////