Home/Songs/නාඩගම් ගීය (හෙට නාඩගමේ මං)

නාඩගම් ගීය (හෙට නාඩගමේ මං)

Nadagam Geeya (Heta Nadagame Man)

Music: චරිත අට්ටලගේ Lyrics: චන්ද්‍රසේන තලංගම
Font size:
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්.....

(දමා කඩුක්කන් ඔටුනු නළල්පටි 
කඩුව කරකවා සබයට එන හැටි....//)
බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්
බලාහිඳින අඟනුන් ආලේ බඳියි රහසින්.....

(පවර අජාසත් නිරිඳුන් මම වෙමි 
පියා නසා රජකම අරගන්නෙමි....//)
කියා එද්දි රජ මං සත්තයි ආලේ බඳී අඟනුන්
කියා එද්දි රජ මං ආලේ බඳී අඟනුන්

හෙට නාඩගමේ මං......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.