Home/Songs/දිනිඳා උදය ගිර මුදුනෙන්

දිනිඳා උදය ගිර මුදුනෙන්

Dininda Udaya Gira Mudunen

Font size:
දිනිඳා උදය ගිර මුදුනෙන් නැග එනවා
දෙවිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා

රන්වන් දුන් කරළින් පැසිලා නැමිා බර වීලා
තල වැවිලා රමණි සෝබා කෙත්වතු පිරිලා සාරා
ඕ කෙත්වතු පිරිලා සාරා - ඕ කෙත්වතු පිරිලා සාරා
ඕ කෙත්වතු පිරිලා සාරා

ඉඟ නළවා කපමු නෙළමූ හෝ හෝයියා
මිටි බැඳලා හිස මත ගනිමූ - යාමූ පෙළ සෑදිලා
යාමූ පෙළ සෑදිලා - යාමූ පෙළ සෑදිලා
මිටි බැඳලා හිස මත ගනිමූ - යාමූ පෙළ සෑදිලා
බටලී සංගීතේ වතු ගවයෝ රැඳීලා  
ගොපළුන් හා මිහිරේ වෙලිලා යාවි රංචූ හෝයියා
ඕ යාවි රංචූ හෝයියා - යාවි රංචූ හෝයියා

මඳ සුළගේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා
තල වේලා පොල් පතු හැරලා - කමතේ පිරි ධාන්‍යා
කමතේ පිරි ධාන්‍යා - කමතේ පිරි ධාන්‍යා
තල වේලා පොල් පතු හැරලා - කමතේ පිරි ධාන්‍යා
සැමදෙවියෝ පිහිටාධාරෙන් කරුණා ලැබීලා
සරුසාරයි හාමත දුරුවී ගොවි සිත ප්‍රීති හෝයියා
ඕ ගොවි සිත ප්‍රීති හෝයියා -  ඕ ගොවි සිත ප්‍රීති හෝයියා
ඕ ගොවි සිත ප්‍රීති හෝයියා
 


Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.