Home/Songs/හුස්ම දිගේ ඉහල එන්න

හුස්ම දිගේ ඉහල එන්න

Husma Dige Ihalata Enna

Font size:
හුස්ම දිගේ ඉහල එන්න මට ඔයාව දැනෙනවා
ගැස්ම දිගේ වැඩි කරන්නෙ නුඹම කියා හිතෙනවා
හිත නිවන සඳ සෙවණ මගෙ ජීවිතේ ඔබ
මේඇත්තමයි මගෙ රත්තරනේ මම ආදරෙයි ඔබට....

සඳක් ඇවිත් රැයම බෝවුණා
හෙමින් සැරේ ළඟට ළං වුණා
පෙරුම් පුරන හීන මගේ ඉටු වෙයි මතුදා
සුසුම් සැලෙන නිහඬ රාත් ‍රියේ- සොයමි ජීවිතේ
සිත නිවන සඳ සෙවණ මගෙ ජීවිතේ ඔබ
මේ අත්තමයි මගෙ රත්තරනේ මම ආදරෙයි ඔබට....

පෙළින් පෙළේ පිපෙන තාරුකා
හැඟුම් වටා වියන සෑදුවා
සඳක් පිපෙන අහස වගේ හිනැහෙන් නොහඬා
හැඟුම් දැනෙන නිසල රාත් ‍රියේ විඳිමු ආදරේ....

හුස්ම දිගේ........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.