Font size:
රබන් සුරල් වැයුනා මල් වාරම් ගැයුනා සිංහල අවුරුදු ළඟ එනවා කැවුම් කොකිස් බැදුනා ජය ගී හඬ නැගුනා අපේ රටට කිරි ඉතිරෙනවා// ලැබෙන්න සම්පත් පිරිලා සැමදා අපේ සිතේ පැතුමන් ලැබුණා නැගුනා ගහේ වැලේ කුසුමන් පිපුණා පිපුණා රටේ තොටේ සිරියා මැවුණා මැවුණා මංගල වෙඩි සද්දේ මේ සිංහල අවුරුද්දේ කිරියෙන් පැණියෙන් ඉතිරේවා රබන් සුරල්... ඉඳින්න සාමෙන් බැඳිලා සැමදා සෙනෙහේ සිතින් දෙගුරුන් පිදුණා පිදුණා අනාගතේ සරු වෙයි සිතුණා සිතුණා මුවින් මුවේ හසකැන් නැගුනා නැගුනා මංගල වෙඩි සද්දේ මේ සිංහල අවුරුද්දේ කිරියෙන් පැණියෙන් ඉතිරේවා රබන් සුරල්...