Font size:
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ රන් තරු වටකර පායන සඳ ඇදි සෙවනැලි සිතුවම් රෑ සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ... කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ කුමරිය ඔබ අද මා ලඟ නෑ... ගංතෙර ළග බට පඳුරෙහි සිරි සිරි හඩ මට සිහිලැල් පෑ කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ සුදු ඇඳුමින් සැරි .... පාසල් යන ඔබ මාවෙත සිහිවන විට මට ඉවසුම් නෑ... මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ කුමරිය ඔබ අද මා ලඟ නෑ... සුදු ඇඳුමින් සැරි.....
Singers
Data
Last updated May 2026