Home/Songs/තම්බපණ්ණි

තම්බපණ්ණි

Thambapanni

Font size:
තම්බපණ්ණි ජන්මභූමි 
ශ්‍රී ලංකා// පින්බරයි...//

නීල වර්ණ සාගරෙන් ජලෙන් සුරක්ෂිතයි 
හෙල් කඳු සුසාරා කෙත් පෙලෙන් අලංකෘතයි 
ගං තලා උයන් වතු වලින් සමන්විතයි 
කවුමද පියුම් සමන් කුසුම් පුෂ්පිතයි//

තම්බපණ්ණි...//

දීර වීර සූර දූ පුතුන් දිනු දැයයි 
පුජනීය බුද්ධ ධම්ම සංඝ රත්නයයි 
රන් සමාන ගද්‍ය පද්‍යයෙන් වැඩූ වසයි 
මේ උදාර දීපයේ නිධාන රාශියයි//

තම්බපණ්ණි...///

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.