මන්දාරම් වැහිපොද හිරිකඩ
Mandaram Wahi Poda Hirikada
Font size:
මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොළඟ රන්දාලා උන් අප ආ ගිය මග වග තොට මතක අගුළු හැර දාලා වාවන්නට බැරි තැන දුක් කඳ දෙනෙත් පියන් කවුළු කඩා දෝරෙ ගලා ගිය උණු කඳුලැලි වියලි දෙතොල් මත වැටුණා පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න ඔබ නොමැතිව සිනහ නගන'යුරු මට කියා දී යන්න උමතුව හඳ විලාප දෙන හඬ අහගෙන ඉන්න බිඳකට ඇවිදින් මගෙ ලය මත ඔය සවන තියන්න
Singers
Data
Last updated May 2026