නත්තල් ගීතය
Christmas Song
Music: ලන්ත්‍රා පෙරේරා Lyrics: ඇන්ජෙලෝ ලීසන්
Font size:
සීතලෙන් පිරි නත්තලේ සතුටු සිනා පිරිලා සීනු හඬින් පිරි මේ රැයේ සැමදෙන එක්වෙලා ආදරෙන් පිරි මේ රැයේ බිළිඳුන් ඉපදීලා සාමයෙන් පිරි නත්තලේ අප සැම එක් වෙලා (සුභ නත්තලක් සුභ නත්තලක් සුභ නත්තලක් වේවා....//) ආකාසේ තරු පිරිලා මුළු ලොව අද එළි කළා මේ සීතලෙන් හදට ගුලි වෙලා සුභ පතුරමු සදා...... ආදරෙන් සමරන දිනේ ගී හඬ පැතිරුණා අමනාපයෙන් සිටි සැම දෙනා අද දින එක්වෙලා නත්තලේ ලොව සැමදෙනා තනි වී නොසිටිනා ජේසු බිළින්දා ඉපදුණේ සාමය පතුරුවා (සුභ නත්තලක් සුභ නත්තලක් සුභ නත්තලක් වේවා....//) ආකාසේ තරු පිරිලා මුළු ලොව අද එළි කළා මේ සීතලෙන් හදට ගුලි වෙලා සුභ පතුරමු සදා......//
Data
Last updated May 2026