Home/Songs/බාලොලි බාලොලියේ

බාලොලි බාලොලියේ

Baloli Baloliye

Font size:
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..

මිනිස් වෙසින් ආ විමුක්තියේ හඬ 
මරිය මවුන් නැලවිල්ලට මුසු වන 
ස්වර්ග රාජයේ දොරගුලු හැරලන  
(දෙව් බිලිඳෙක් ගව ලෙන් ගැබ ඉපදුන)...//
 
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..

(දෑත දෙපය දැඩි යදම් බඳින ලද 
දුක්බර වූ ජනතාව අවදි කර)...//
දේව දයා සම කරුණා උල්පත 
(සීත රැයේ බෙත්ලෙහෙමෙන් මතුවීය)...//  

බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..

(පාප අඳුර නෙක බිය සැක දුරලන 
නව චින්තනයට මාවත හෙළි කල)...// 
රුවන් තාරකා එළියක් දිස් විය 
(රුවන් තලේ හිඳ බැලුම් හෙලා ඇත)...// 

බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..

මිනිස් වෙසින් ආ විමුක්තියේ හඬ 
මරිය මවුන් නැලවිල්ලට මුසු වන 
ස්වර්ග රාජයේ දොරගුලු හැරලන  
(දෙව් බිලිඳෙක් ගව ලෙන් ගැබ ඉපදුන)...//

බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.