Font size:
රෑ පුරා නුවන් අරා ගැලු කඳුළු හිනැහුනා තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කළා මේ රෑ පුරා නුවන් අරා ගැලු කඳුළු හිනැහුනා තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කළා මලින් පිරී වසන්තයේ උයන් කොනේ පෙමින් වෙලී තුඩින් තුඩේ මුවින් මුවේ හැඟුම් බදුන් තෙත් කලේ රෑ පුරා නුවන් අරා ..... හදවිල පිපි මල් සිඹිමින් දඟ කළ ඈ පෑ සිනා මිහිරකි සුවයකි ඉඳුරන් මනදොල මා මත් කළා ආලේ යහන පුරා ඈ කැන්දාලා සිහින ගඟේ මා නලවාලා ඇයදෝ සිහිනේ රෑ පුරා නුවන් අරා..... අසමින් විඳි දුක් ප්‍රේමේ සුව දුක් ආශා ඇති කළා ගයමින් රගමින් අරබා ආලය පෑවා රෑ පුරා මන්දා කුණ්ඩ සමන් පෙති අතුරාලා ඈ ලය මඩලේ සතපාලා ඇයදෝ සිහිනේ .. රෑ පුරා නුවන් අරා .....