හිරු මැකී යයි
Hiru Maki yai
Music: මහේෂ් දෙනිපිටිය Lyrics: ආරියසිංහ පෙරේරා
Font size:
චිත්‍රපටය : ආසයි මං පියාඹන්න (2007) හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම ඒ කිසි දිනේ ගිණි කඳු පුපුරා ලෝ දිය ගලනා තරම් රිඳුම් දෙයි ආදරේ (නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...//) (තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුනේ...//) (එදා මතකය සිතේ අහුරා...//) කාටවත් නොපෙනී අඳුරේ ඉකි බිඳිමි රහසේ (නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...//) (සිනහ කඳුලේ දෙනෙත් දොවමින් දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ...//) (ඈත මීදුම් අතර සඟවා...//) යන්න ප්‍රිය ලඳුනේ හද සුසුම් පවනේ (රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ...////)