Home/Songs/පහන් නොවන රැයක

පහන් නොවන රැයක

Pahan Nowana Reyaka

Font size:
(පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ 
මල් මල් සිහින ලෝකයේ 
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ 
ලස්සන මේ යොවුන් වියේ)..// 

ලං වුනේ මා ඔබෙන් සෙනෙහේ පතා සිතින්
සිත පුරා රැදුණු සතුට නිම් නොවේ 
ඔබ සොයා එන්නේ මා වෙන් නොවන අදහසින් 
පවසන්න ඔබට රත්තරන් හැඟුම් 

පහන් නොවන රැයක....

අත් බැඳී මේ ලෙසින් සුදු සේද මාවතින් 
දුර එහා තිබෙන සොඳුරු විල් තෙරේ 
නැවතිලා මුමුණමින් රස මියුරු පෙම් වදන් 
අපි ඉඳිමු ලබැඳි පෙම්වතුන් වෙමින් 

පහන් නොවන රැයක....//
ලස්සන මේ යොවුන් වියේ..////

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.