Home/Songs/හා හා හා දන්නෙ නැතිලු

හා හා හා දන්නෙ නැතිලු

Ha Ha Ha Danne Nathilu

Lyrics: එදිරිවීර සරත්චන්ද්‍ර
Font size:
හා හා හා දන්නෙ නැතිලු මහාසාර පළඳනාව
කොයි වගේ එකක්ද කියල//
අහල නැතිලු කවදාවත් මහාසාර කියන වචනෙ
එහෙනම් තෝ මොටද ගත්තෙ...
ගමට ගොහින් දැනගන්නද 
හොර අඹුවගෙ කරේ දාල
කොයි වගේ එකක්ද කියල...

මහ රජ්ජුරුවන් ඉදිරියෙ කියපිය ඔය බින්න ගොහින්
අපට මොටද ඕව කියල අපේ නෙවේ පළඳනාව
අයිතිකාරි අග බිසවයි//
හොරකම තොගෙ වසන් ගන්න
කියපිය තව බින්න හදා...//

කියපිය තෝ පළඳනාව
ගත්තෙ නැතෙයි කියල බොලේ
ගත්තෙ වෙන කෙනෙක්ය කියල
නැත්නම් තොට ගැලවෙන්නට
විදිහක් නෑ හම්බවෙන්නෙ...

තෝව උල තියා මරාවි
නැත්තම් පෙති ගහල දාවි
කඳන් දෙකක් මැදින් තෝව
බැඳල ඉරල දාවි දෙකට
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න වෙන්නෙ...//

නැත්තම් බොල කියපිය තෝ 
කවුද හොරෙක් ඇවිත් ඒක
හොරෙන් අරන් යනව දැකල 
තෝ ගොහිල්ල උදුරාගෙන
අගබිසවට දෙන්න කියල 
ගේන අතර පළඳනාව
අහසට ඉගිලිලා ගොහින් 
අතුරුදහන් වුනැයි කියලා...//
අනුහස් ඇති මහාසාර 
පළඳනාව අගබිසවගෙ
එවැනි හාස්කම් කරන්න බැරි 
බඩුවක් නෙවෙයි ඒක...//

කියපිය තව බින්න හදා
මහ රජ්ජුරුවන්ට ගොහින්
නැත්නම් තොට ගැලවෙන්නට
විදිහක් නෑ හම්බ වෙන්නෙ
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න වෙන්නෙ...//
තෝව උල තියා මරාවි
නැත්තම් පෙති ගහල දාවි
කදන් දෙකක් මැදින් තෝව
බැඳල ඉරල දාවි දෙකට
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න වෙන්නෙ...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.