Home/Songs/බෝල බෝල මැටි එක එක ගේනව

බෝල බෝල මැටි එක එක ගේනව

Bola Bola Mati Eka Eka

Font size:
බෝල බෝල මැටි එක එක ගේනව
ගුවන් යානයක් වාගේ පියඹා
උළුවස්සේ පොඩි ගෙයක් හදනවා
කා කැන්දන් එන්නද කුඹලෝ

කොයිබට යනවද කොහෙන් ගෙනෙනවද
නිවස තනන්නට මැටි අනලා
පස්සෙන් එන්නද දුවගෙන එන්නද
ඔබගේ තොරතුරු ගැන සොයලා
ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ
කවුරුද උදව් කරන්නේ

කාමර කීයද ගබඩා කීයද
සැලසුම හැදුවෙත් නුඹම තමයි
නෑදෑයන් හට එන්න කියනවද
නැකතක් බැලුවද සිරිත එයයි
පෙම්බර සුවඳ හමන්නේ
සංගීතයකි ඇසෙන්නේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.