Font size:
විරාග රාගය අතරේ තනි වු ආලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාගය අතරේ තනි වු ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය....... ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා ඈ මුකුලිත වූවා කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා ඈ අසරණ වූවා ....... විරාග රාගය අතරේ....... නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා ඈ ලොව අහිමි වුණා ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා ඈ මවෙතට ආවා....... විරාග රාගය අතරේ......
Singers
Data
Last updated May 2026