Home/Songs/ආදරියේ

ආදරියේ

Adariye

Music: නදීමාල් පෙරේරා Lyrics: නදීමාල් පෙරේරා
Font size:
මාරුතේ තනි වී උන් මා කෙරේ
ආදරේ පෑ කුමරියේ
දෙව්ලිය මගේ (දෙව්ලිය මගේ)
ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
ගලනා ඒ ආදරේ
රකිමී පණ ලෙසේ

ජීවිතයේ, කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ, බැඳුනේ ඇයි මෙසේ
ආදරියේ, නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ, මාගේ කුමරියේ

වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ
වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ
මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ

ජීවිතයේ, කිසිදා නොපැතු සේ....

සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්රියේ
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ
සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්රියේ
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ
ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ
හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ

ජීවිතයේ, කිසිදා නොපැතු සේ....///
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.