Home/Songs/මේ ඔබට ඇහෙනවද

මේ ඔබට ඇහෙනවද

Me Obata Ahenawada

Font size:
මේ.. ඔබට ඇහෙනවද... හඬන හිතක හඬ...
මේ.. ඔබට දැනෙනවද.. තැවෙන හිතක දුක....

නොතෙමෙන දෙනෙතක එක පිණි කඳුලක් නොදැනිම වැ‍ටුනා
නොතැවෙන සිත ළඟ එක සෝ සුසුමක් නොදැනී හැඬුවා...
මේ.. ඔබට දැනෙනවද.. ගැහෙන මගේ හද....

නොනිමෙන ගින්නක් අමුල් ගිනි සිළුවක් හද ලඟ දෙඩුවා..
තැවි තැවි හමුවන අපෙ හමුවීමත් නැවතී තිබුනා...
මේ ඔබට ඇහෙනවද.. හඬන මගේ හිත....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.