Home/Songs/ඉවසන්න බැරි ලෙසකින්

ඉවසන්න බැරි ලෙසකින්

Iwasanna Bari Lesakin

Music: අශාන් ප්‍රනාන්දු Lyrics: සඳුන් පෙරේරා
Font size:
ඉවසන්න බැරි ලෙසකින් නවතින්නේ ඇයි මෙතනින් 
පවසන්න දුක වචනෙන් හිත හයිය නෑ තව නම්
කාටවත් අත නොපා දිවියේ පණ වගේ උන් නිසා
අපිට අපේ ඇස්වහ දෝ මේ ලැබිලා.....

නොසිතු මොහොතක මා දිවියම ඔබේ අතින් රස කරවා
කොහොම විඳවන්නදෝ තනිව දුක නැතිද දැනුණේ මෙමා
කාටවත් අත නොපා දිවියේ පණ වගේ උන් නිසා
අපිට අපේ ඇස්වහ දෝ මේ ලැබිලා.....

නැතිව පිළිගෙන තාරකා දොස පෙම් කළත් සැනසීලා
එහෙව් අපිටම ඇයි මෙදා එක හෙවණ නැති කරලා
කාටවත් අත නොපා දිවියේ පණ වගේ උන් නිසා
අපිට අපේ ඇස්වහ දෝ මේ ලැබිලා.....

ඉවසන්න බැරි.......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.