Home/Songs/සුනිල වරලස මුදන්නී (එතනා රන් එතනා)

සුනිල වරලස මුදන්නී (එතනා රන් එතනා)

Sunila Waralasa Mudanni (Ethana Ran Ethana)

Music: C T ප්‍රනාන්දු Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
එතනා රන් එතනා
එතනා රන් එතනා...

(සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී ...//)

(උපුල් බැල්මෙන් බලන්නී
දෙබැම දේදුනු නගන්නී...//)
කොපුල් තල රතු කරන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී...

සුනිල වරලස.../

(ළයෙහි රන් තුඩු දරන්නී
දෑතෙ ඇත් දළ රකින්නී...//)
උර සලා පා නගන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී...

සුනිල වරලස...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.