Font size:
චිත්‍රපටය: සප්ත කන්‍යා (1993) දූවිල්ලෙන් වත්සුණු තවරා කුමර කුමරියන්වී ලෙන්ගතු ඇසුරේ වහස් බැලුම් දෙන හැන්දෑවේ නන්නාදුනනා කය මිස සිත නැති පුරවරයේ කවුරුන් හෝ තුරුළේ නිමේෂයක් කොඳුරාවි රහසින් ආගිය උන් හිටි තැන් සඟවා ගිනි කඳු සිරසේ මලපුඩු අතරේ කැදලි සදාවී මොනර කිරිල්ලි රැයිකින් රැයකට කුස පිරෙනා සඳ සෙවණැල්ලේ සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ වහස් බැලුම් සඟවා උකුසු ඇසක් ගෙන ගුරුලු වෙසක් ගෙන පියාඹා යාවී මොනර කිරිල්ලි සැඩ සුලඟේ.....මුල් ඉදිරී යන ගස මුදුනේ නූපන් දවසේ රන් කිරි කඳුලේ සිහින දකීවී මොනර කිරිල්ලි.....සිහින දකීවී.....මොනර කිරිල්ලි..... සිහින දකීවී......මොනර කිරිල්ලි......