Font size:
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ නිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලා තවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලා පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ ඔබ කව් රස ගීත තවම දෙසවන ඇත්තේ මිහිර මැවේ එදා මෙන්ම හදවත මත්තේ // ඔබ නැති ඒ සංතාපය නැසුමට මාගේ කොවුලන් එයි ඔබේ ගීතය ඇසුමට වාගේ ඇසුමය වාගේ ... පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ පිපුනු සමන් මල් අරගෙන වැලකට ගොතලා අනාගතේ රස සිතුවම් මිහිරෙන් මවලා // දැමූ අතීතයමා වෙත නිහඩව කියලා වැට දිගටම එදා මෙන්ම මදු මල් පිපිලා මදු මල් පිපිලා .... පොඩි කාලේ ....
Singers
Data
Last updated May 2026