මද සීත නල රැල්ල
Mada Seetha Nala Ralla
Music: ආර් මුත්තුසාමි Lyrics: මානෙල් පෙරේරා
Font size:
මද සීත නල රැල්ල දැඟලිල්ල පා කැළඹිල්ල දී දසත විසිරී ගියා සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා සුරතල්ම බව පේන රහසක් කියා දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා (සුදු සේල මිහිදුම් අහසින් නැඟී නිල් ලෝකයේ එලිය නොපෙනී වෙලී...//) මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න ඔබ මාගෙ ජීවේ සදා... ඔය බැල්ම දෙන කැල්ම.... (මගේ දෑස ඔබ ගන්න ඔය දෑත මට දෙන්න යුග ගීත පවසන්නකෝ...//) ලොව මීර නරඹන්න මධු මීර රස බොන්න ඔබ මාගෙ ජීවේ සදා... මද සීත නල රැල්ල.... ඔය බැල්ම දෙන කැල්ම....