Home/Songs/ආයෙමත් එනවදෝ ඔයා (සඳ නිදිගත් රෑ යාමේ)

ආයෙමත් එනවදෝ ඔයා (සඳ නිදිගත් රෑ යාමේ)

Ayemath Enawado Oya (Sanda Nidigath Ra Yame)

Music: අශාන් ප්‍රනාන්දු Lyrics: දිලාන් දේවින්ද
Font size:
සඳ නිදිගත් රෑ යාමේ 
හිත කතා කරා රහසේ
(හද ගාව නවතින්න ආයෙමත් 
ආයෙමත් එනවදෝ ඔයා....//)

බිඳුණු හිත පුරා රිදුණු තැන් සොය සොයා
ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන්
පිරිමදින්න එනවදෝ ඔයා
හද ගාව නවතින්න ආයෙමත් එනවදෝ ඔයා....

සුසුම් අතර නැවතිලා ඇස් වලින් කතා කියා
කෙහෙරැල්ලේ දැවටිලා අත් පටලන් යන්න 
ආයෙමත් එනවදෝ ඔයා....
හද ගාව නවතින්න ආයෙමත් එනවදෝ ඔයා....

සඳ නිදිගත්.....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.