Home/Songs/තිඹිරි ගෙදර සිට

තිඹිරි ගෙදර සිට

Thibiri Gedara Sita

Font size:
තිඹිරි ගෙදර සිට 
සොහොන් බිම වෙතයි
අපේ ගමන්  මඟ විහිදෙන්නේ 
ඒ කෙටි මාවත සැරිසරනා අප 
කුමට සටන්වැද වෙහෙසෙන්නේ

අනෙකෙකුගේ සොම්නස සිදලන්නට
උදේ හවා ගිනිගෙන ඇවිදින්නේ
තනිවම ආ අප වුන්හිටි ගමනේ 
තනිවම යන බව නොමැත සිතන්නේ

තිඹිරි ගෙදර සිට ......................

තණ්හාවෙන්,වෛරයෙන් ,ක් ‍රෝධයෙන්
සිතින්  දහස් වර ඉපිද මැරෙන්නේ 
ඔබ අප හැම⁣ දෙන බෝ අම්බලමේ
විඩා නිවන්නයි පැමිණ  සිටින්නේ 

තිඹිරි ගෙදර සිට ......................

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.