Home/Songs/රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ

Ratakin Eha Igili

Font size:
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

නා දළු දෙතොල් හසරැළි මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වු ඒ අප ආදරේ
කිසිදා බිදෙන්නෑ සැකයක් නැනේ

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා

අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණි වහා

රටකින් එහා ඉගිලී ‍… ‍… ‍….

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.