තහනම් සඳ
Thahanam Sanda
Music: යසස් මැදගෙදර Lyrics: මනුරංග විජේසේකර
Font size:
තහනම් සඳ නැගෙනා නුවරට පිය මනිනා පාරමිතා නුපුරන නුඹ ළඟ මා ඇයි මා වැඳ වැටිලා තනියෙන් දුක් විඳලා හිත් මත්තේ ගිනි කඳු පුපුරලා පුරා රැයක් නිදි මරලා මහා මෙරක් බිම තිබ්බා...... ගාලු පාර ළඟට වෙලා නුඹ එනකන් මං සිටියා ඇවිලෙන ගිනි දෑතේ සඟවා ඇඟිලි පාර කම්මුලේ තියන් ආදරේ වන්නිය පා දුක් විඳ විඳ නුඹගෙන් ගත්තා..... තහනම් සඳ...... නපුරු වෙන්න නොසිතූ මා නපුරු කළේ ඔබම තමා ජීවිතේ අර්ථය බිඳ දා මැරෙන මොහොත ළඟදී පවා නුඹේ මුහුණ සිහි වෙනවා යන්නෙමි මා ඔබ හැරදා දැන දැන මා රැවටෙනවා සිතිනුත් නුඹ හිනැහෙනවා මගේ ලොවට අමාවක පායලා...... තහනම් සඳ......