Font size:
සිහිනෙකින්වත් සිතුවේ නෑ ඔබ එයි කියා කවදාවත් නොසිතු දේමයි සිදුවුණේ සැමදා රිදුනු මා සිත පීරුනේ නෑ වෛරයෙන් කවදාකවත් යලි මා හැර යන්නෙපා කිසිදා හසරැල් මුව නැගුනේ නෑ පෙපම් වදන් කන වැකුණේ නෑ මගෙන් ඔබ වෙන්ව සිටි ඒ යුගයේ .... යුගයේ සිහිනෙකින්වත් ....... හිරු දිලුන ද දන්නේ නෑ මල් පිපුන ද දැක්කේ නෑ මගෙන් ඔබ වෙන්ව සිටි ඒ යුගයේ ... යුගයේ සිහිනෙකින්වත් ..... මා වෙනතක බැඳුණේ නෑ පැතුවේ ඔබවමයි සැමදාමත් ඉතින් හැර යන්නෙපා යළි කිසිදා
Singers
Data
Last updated May 2026