හිනැහෙනා අත් බනු
Hinahena Ath Banu
Music: ශාන්ත ජයලත් Lyrics: ජයසේන බෙලිගල
Font size:
හිනැහෙනා අත් බනු දෙඅත් මත දොඩන පෙම්බස් රැය පුරා එමතු නොව මගේ ඉසිඹු අල්ලා කෙටෙන පණිව්ඩ හඳපුරා ඔබට මතකද මාත් සමඟත් ඔහොම හිටියා සිත් පුරා ඔහොම හිටියා සිත් පුරා දෙනෙත් ගෙන මා දෙවුර සතපා ගිය ගමන් දුර ගව් ගනන් පුරුද්දක්වී හදට ගොඩවූ දැනෙයි යන විට පසුකරන් යකඩ කඳවුව ඉබේ නලියයි සුදෝ කෝ දැන් හස නුඹෙන් සුදෝ කෝ දැන් හස නුඹෙන් පෙරදවස මා ඔබ දකින්නට නිතර එන හැටි මැවෙනවා දැනුදු දැන් දැන් එතැයි සිතමින් දෑස් නිරතුරු කෙවෙනවා නමුදු සිහිනෙකවත් නොයෙන්නට නින්ඳ මට පිටුපානවා නින්ඳ මට පිටුපානවා හිනැහෙනා අත් ....
Singers
Data
Last updated May 2026