Home/Songs/ගොඩක් ආදරෙයි

ගොඩක් ආදරෙයි

Godak Adarei

Music: ප්‍රගීත් පෙරේරා Lyrics: සජිත් චතුරංග
Font size:
ලබාගන්න පින් මදි වූ බලා සැනසෙන්න හැකි වූ
ලොවේ යම් කෙනෙක් ඇත්නම් ඒ ඔබයි
නිමා කලේ ඔබ රැවටු අමාරුවෙන් ගොඩ නගපු
මගේ ජීවිතේ අවසන් ප්‍රේමයයි
වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී යලි 
(නියඟයක් පැමිණුනත් සිඳි නොයන සාගරේ තරම්
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං....//)

ඔබගෙයි මාගෙයි නම් දෙක එක් කරලා
මතු උපදින පුංචි උන් වෙත නම් තබලා
හරි අවබෝදෙන් මග සැලසුම් කරලා
මතකද අපි කාලයක් සතුටින් හිටියා
වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී යලි 
(නියඟයක් පැමිණුනත් සිඳි නොයන සාගරේ තරම්
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං....//)

කඳුලයි සුසුමයි සින්නක්කර ලියලා
ඔබ ගිය තැන ඉන්න බැරි වුණොතින් ඔහු හා
තව එකසැරයක් ආයේ මුණගැහිලා
අපි යමු මේ ලෝකයෙන් සදහට මිදිලා
වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී යලි 
(නියඟයක් පැමිණුනත් සිඳි නොයන සාගරේ තරම්
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං....//)

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.