Home/Songs/ලියු කවි පද

ලියු කවි පද

Liyu Kawi Pada

Font size:
ලියු කවි පද හදක් අතරේ
ලියාගන්නට බැරිව ලතැවුණු
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං...
තවම ලියනවා මං...

නුඹේ සුවඳ රැඳී පපුව ගැඹුරේ 
කියාගන්නට බැරිව සිරවුණු 
එකම එක දිග පුංචි පැතුමක් 
තවම පතනවා  මං...
තවම පතනවා මං...

උණුසුමක් රැඳී පළල් උරයක 
වෙලී සැතපී නිදන යුගයක 
නුඹේ සුසුමක් සමග මියැදී 
යන්න තිබුණා නම් 
මගේ දෙනෙත් පෙති තෙමා රිදවන 
කඳුළු නෑ එහෙනම්...

සඳවතක රැඳී සඳළු තලයක
තරු කැටක් වී වැටුණු දවසක 
ලතැක් සෙනෙහස නුඹේ සිත ළඟ 
රැඳී නොතිබූණි නම් 
මගේ දරදඬු පිරිමි හිත යට 
කඳුළු නෑ එහෙනම්... 

ලියු කවි පද...
නුඹේ සුවඳ රැඳී...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.