Home/Songs/ඉලන්දාරියෝ

ඉලන්දාරියෝ

Ilandariyo ( Anuththara New ThemeSong)

Music: තිලිණ රුහුණගේ Lyrics: සමන් එදිරිමුණි
Font size:
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් හිත ඉඟිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
(ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා...//)

හිනාසෙන්නෙපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා
(මට මං ගැන අමතක වුනු දවස් වැඩි වුනා...//)

පුංචි වතේ රංචු ගැහෙන....

හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා
(ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා...//)

පුංචි වතේ රංචු ගැහෙන....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.