Home/Songs/මා එක්කලා අමනාප වී

මා එක්කලා අමනාප වී

Ma Ekkala Amanapa Wi

Music: H M ජයවර්ධන Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
මා එක්කලා අමනාප වී දබර
දූගේ තාත්තා එන්නෙ නැහැ ගෙදර

වැලි පොල් කටුවෙ හැදි රෑනයි පෙරලාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වෙන තුරා ඉමු මිදුලට වීලා

හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමූ
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමූ
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒදැයි බලමින් හිඳමූ

මා එක්කලා අමනාප වී දබර
දූගේ තාත්තා එන්නෙ නැහැ ගෙදර
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.