Font size:
හරි පරිස්සමෙන් රැකගත් රන් පියුමයි පුත නුඹ සුරතින් කැඳවා ගෙන යන්නේ ඇය දැවටී මා ළඟ තෙපුල් කියූ හැටී අදටත් නෑ අමතක වන්නේ ආදරය ඇයයි දූ මගේ පණයි අද ඔබගේ සෙවණේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබෙ කුලගෙයි මිණිපහන් දිලෙයි ඔබෙ කුලගෙයි මිණිපහන් දිලෙයි මට මතකයි ඈ ඉපදුණු දා මා දෙස හෙළුවා සුරතල් සිනා පුත ඒ හසරැල් පිරි මුව අද ඔබගෙයි රැකගන් ඈ මාගේ පණයි සුරතේ එල්ලී මෙදා ඔබේ පියමැන යන යුවතී මගෙ ලෝකේ ආදරේ පිරූ සුරතල් දඟකාරී ඒ හසරැල් පිය සෙනෙහස මුමුණයි අදටත් ලෙන්ගතුකම එහෙමයි ආදරය ඇයයි...... මට මතකයි එදා මිමිනූවා මං ඇගෙ ලෝකේ රජවූ හැටි පවසා පුත ඒ කිරුළේ හිමිකම අද ඔබ ගෙයි රැකගන් ඈ මාගේ පණයි සුරතේ එල්ලී මෙදා ඔබේ පියමැන යන යුවතී මගෙ ලෝකේ ආදරේ පිරූ සුරතල් දඟකාරී මා තුරුලේ නැළවුණු හැටි මතකයි අදටත් ලෙන්ගතුකම එහෙමයි ආදරය ඇයයි......