Home/Songs/මට ඔයා

මට ඔයා

Mata Oya

Music: අශාන් ප්‍රනාන්දු Lyrics: ඩිලාන් ගමගේ
Font size:
මට ඔයා විතරක් වුණත් ඔබට ඉන්නේ මං විතරද
හිත හදන් මා පෙම් කළත් මගේ සෙනේ මදි වාගේද
දිවි පරදුව තියා මා පෙම් කළා තනි වෙන්නේ මං කොහොමද
මා වෙනුවෙන් මැවුණු ඔයා වෙනකෙක් උදුරාගෙනද හොරා
තව මොහොතින් මේ මාව දමා මගේ සෙවණින් නික්මෙයිද ඔයා.....

කඳුළු මේ අපතේ නොයවලා ඉමු  හොඳින් වෙනදා මෙන් සදා
පෙම් කෙරූ හිතක් නොමරලා සෙනෙහසින් ඉන්න සෑමදා
කොයි කව්රුවත් නොමැත මං තරම් ආදරේ ඔබට නම්
පෙම් කළ හිතක් රවටණු එපා පව් පිරෙයි රත්තරන්...
මා වෙනුවෙන් මැවුණු ඔයා වෙනකෙක් උදුරාගෙනද හොරා
තව මොහොතින් මේ මාව දමා මගේ සෙවණින් නික්මෙයිද ඔයා.....

පෙරුමන් පුරා හමුවෙලා ළං වුණේ පැතුමන් දරා 
වෙනකෙනෙක් වෙතට නම් ඔයා දීලා බෑ මියයන තුරා
කොයි කව්රුවත් නොමැත මං තරම් ආදරේ ඔබට නම්
පෙම් කළ හිතක් රවටණු එපා පව් පිරෙයි රත්තරන්...
මා වෙනුවෙන් මැවුණු ඔයා වෙනකෙක් උදුරාගෙනද හොරා
තව මොහොතින් මේ මාව දමා මගේ සෙවණින් නික්මෙයිද ඔයා.....

මට ඔයා විතරක්...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.