Home/Songs/කැලේ පනින්නේ

කැලේ පනින්නේ

Kele Paninne

Music: ලයනල් රන්වල Lyrics: සිසිර දිසානායක
Font size:
කැලේ පනින්නේ කොළේ වහන්නේ නෑ ආයේ
කරදර දෙන්නේ හැරිහැර දෙන්නේ නෑ ආයේ
වහන් වී ඉඳලා නෑ නෑ මහ උළුගේ තැපලා
මේ ගොයියා ගමට ඇවිදිල්ලා...

වහන් වෙන්නේ මොටද බොලන්නේ
මොනවා මොනවා මොනවා කිව්වා
උළු ගැන ගැන මං උන්නා
(ඔහේ පලයන්//)
උළු ගැනලම ඇඟ හිරි වැටුණේ
ආයේ උළු ගෙට නෑ යන්නේ
අඬහැරේ පාලා ගමට කියපල්ලා...
අයියා ඇවිදිල්ලා...

කැලේ පනින්නේ...

දෑත දෙපයේ හයිය තියෙන්නා නැතුව නැතුව නැතුව අයියේ
හේන ගිහිල්ලා පෙරලන්නා හැන්දෑවේ හැන්දෑවේ
පොඩියට පැල් කොටයක් අටවාලා
ඉන්නම් කාගෙත් අයියා වගේ
අඬබෙර ගහපල්ලා සොකරි නටපල්ලා
අයියා ඇවිදිල්ලා...

කැලේ පනින්නේ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.