Home/Songs/මාගේ දෑසින් වැටෙනා

මාගේ දෑසින් වැටෙනා

Mage Dasin Watena

Lyrics: විරාජ් පෙරේරා
Font size:
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ
අපමණ සිතිවිලි එක්වීලා බැහැ අද මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ

ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවා නම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ

සැනසීමක් නෑනේ 
ඔබ ළඟ නැතිවීලා
දුක හිතේ පුරා දැන් 
ඇවිලීම ගිහිල්ලා
හැම රෑකම උදේ හවා සිත පුරා රිදුම් දී මා හඬන්නේ

ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවා නම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ

මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ
හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ

තනිකමෙන් වෙළී මං ඔබ ළඟින් සිතින් මං
දුක දනී සිනාවන් තව නොආ නිසාවෙන්
මෙලොවින් පිට කෙහේ ගියත් ඔබ තරම් රුවින් පිරි රුවක් පතන්නෑ....

ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවා නම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ

හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ
මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.