Home/Songs/ඇසට හසුනොවෙනා (නෙලා තේමා ගීතය)

ඇසට හසුනොවෙනා (නෙලා තේමා ගීතය)

Asata Hasu Novena (Nela Theme Song)

Music: කසුන් කල්හාර
Font size:
ඇසට හසුනොවෙනා රුවක් උවමක් නොදැනා
හිතට විතරක් හැගෙන ආදරේ
ජීවිතය පිළිසිඳ දකින හීනයේ
ඔබ පමණි මිය නොයන ආදරේ.....

ඝන තිමිර යට ඔබ  දුලන පුරහඳ
මල් පිපෙන හැටි
ගඟ ගලන හැටි මට කියා දුන්
මං හීනෙයන් දිව ගෑ සුවඳ
මං හීනෙයන් දිව ගෑ සුවඳ පොද
ඇස් අරින විට සුළඟේ ගිහින්.....

 
ඔබ කොහේ උන්නත් මා හද පිරිමැද
මවන මේ රස මියුරු කව් පද
මට ගොතා දුන් 
වෙන කව්රුවත් දන්නෑ ඉතින්
වෙන කව්රුවත් දන්නෑ ඉතින් දැන්
ආදරය දැන් ඔබ ළඟ අවදියෙන්.....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.