Font size:
නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට පෙනේ ඔබ නෙතු අතර ඉකිබිදින කඳුළු කැට මගේ සිත ඇතත් ඔබ ළඟම තනි නොතනියට නොහැක මට උණුසුමින් ඔබට තනි රකින්නට හඬන්නේ අහස පිණි බිඳු සලා ශෝකයට සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට තැවෙන්නේ ලෝකයට හුදකලා පාළුවේ කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට ඇසෙන්නේ කවදාද මගේ දුක ගී ඔබට ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට ඔබ මගේ ලෝකයට
Singers
Data
Last updated May 2026